
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික විගණන පනතට අප සංශෝධන 14 ක් පමණ ඉදිරිපත් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"විපක්ෂය සුපුරුදු පරිදි ඒ අයගේ දේශපාලන දුගී බව ප්‍රදර්ශනය කරමින් සිටිනවා.නිදහසෙන් පසු දේශපාලන බලය ප්‍රභූ පන්තියෙන් නිර් ප්‍රභූ පන්තියට මාරුවී තිබෙනවා.මේ සමඟ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නන්නත්තාර වී තිබෙනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර සුන්බුන් බවට පත්වෙලා.සම්ප්‍රදායික බල ව්‍යුහය තීරණාත්මක අර්බුදයකට ගිහින් තියෙනවා.විපක්ෂය කරන්නේ මතුපිට සරල ග්‍රාම්‍ය විවේචනයක් විතරයි.ජාතික විගණන පනතට අප සංශෝධන 14 ක් පමණ ඉදිරිපත් කරනවා.මේ සංශෝධන හරහා විගණකාධිපතිවරයා තවත් ශක්තිමත් කරන බව කිව යුතුයි" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

