විගණන නිලධරයෝ විරෝධතාවක


රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමත කළ ශ්‍රී ලංකා විගණන සේවා ව්‍යවස්ථාව, අමාත්‍ය මණ්ඩලයට  වහා යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට බලකරමින් ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සංවිධානය කළ  විරෝධතා උද්ඝෝෂණයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසලදී අද පැවැත්විණි. 2010 වර්ෂයේ සිට මේ දක්වා ලියුම් 33ක් මගින් මේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නද යහපත් ප්‍රතිචාර නොලැබුණු බවත් මේ හේතුවෙන් තමන්ට හිමි උසස්වීම්, වැටුප් වැඩිවීම් ඇතුළු වරප්‍රසාද රැසක් අහිමි වී ගිය බවත් මෙය මූලික අයිතිවාසිකම් කඩ වීමක් බවත් ඔවුහු මෙහිදී කීහ. විගණනයට දේශපාලන අත ගැසීම් එපා“ යන තේමාව යටතේ මෙය පැවත්විණි.