විගණන කොමිසම නම් කෙරේ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික විගණන කොමිෂන් සභාවට පත්කිරීමට සිවු දෙනෙකුගේ නම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව  ජනාධිපතිවරයාට නිර්දේශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41(ආ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්   ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් ලෙස පත්වීමට ඉදිරිපත් කෙරුණු  අයදුම්පත්  සලකා බලන ලදී.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා  රැස්වීමට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස, අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සාගර කාරියවසම් සහ  කබීර් හෂීම් යන මහත්වරුද   මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය  අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.