විකුණන්න බැරි කෙසෙල්වලට භූමිතෙල් දලා


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇඹුල් කෙසෙල් වැවු  ගොවීහු අමාරුවේ වැටී සිටිති.

කීයකටවත් විකුණාගත නොහැකිව ට්‍රැක්ටර් පිටින් කුණු ගොඩට දැමීමට සිදු වී ඇතැයි ඔවුහු කියති.

බරවකුඹුක,වැටිය,සුරියවැව,අම්බලන්තොට,අගුණුකොළපැළැස්ස හා මාමඩලේ කුඹුරුවලද මෙවර කෙසෙල් වැවු අය අතර රජයේ සේවකයෝ වෛද්‍යවරු,ව්‍යාපාරිකයින් හා ගොවියෝ ද සිටිති.

කෝලිකුට්ටු කිලෝවක මිල රුපියල් 50-60 අතර පැවැතියත් ඇඹුල් කිලෝව රුපියල් 10 ටවත් විකුණාගත නොහැකි වී තිබේ.

සුරියවැව ප්‍රාදේශිය සභාවේ සභාපති ජේ ජනක එරන්ද මහතා පැවසුයේ සති පොළට ගෙන ආ කෙසෙල් කැන් වලට ඇතැම් ගොවීන් ලාම්පුතෙල් ගසා ඇති බවයි. ‘එය කුහක කමක්  කාටවත් වැඩක් නෑ,සතෙකුටවත් කන්න බෑ ’යනුවෙන් සභාපති පවසයි.

කොළඹ ඇඹුල් කෙසෙල් කිලෝවක මිල රුපියල් 50-60 ක් වේ.