විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙහි වෙයි


(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහි වීමට  සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී  ඒකමතිකව තීරණය කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් විපක්ෂයේ පක්ෂවල විධායක සභාව රැස්වී මෙම තීරණය ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ  මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, චරිත හේරත්, චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.