වික්ටෝරියා වේල්ලේ මහා වතුර මලක් පිපේ


පංච මහා ජලාශයන්හි ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු තුනක් අද විවෘත විය.

මෙම ජලාශය වාන් දමනුයේ කලාතුරකිනි. මෙම වසරේ ජලාශය වාන් දමන දෙවැනි අවස්ථාව මෙය වන අතර තිස් වසරක ඉතිහාසයේ වසරකට දෙවතාවක් වාන් දැමූ පළමු අවස්ථාව ද මෙයයි.

ජලාශය ද්විත්ව ආරුක්කු වේල්ලක් ලෙස ඉදි කර ඇති අතර වතුර පිටාර මට්ටමට ලං වූ විට ගේටුව ඉබේම ඇරේ.

මෙම බැම්ම ඉංජිනේරුවන්ගේ අද්විතීය නිර්මාණය ලෙස සැලකේ.