වික්ටෝරියා රැජිනගේ අනියම් පෙම චිත්‍රපටයකට


2016-06-24-ent-111

ඉන්දියානු මාධ්‍යවේදියෙකු මෙන්ම නවකතාකාරිනියක වන ස්‍රාබානා බාසුගේ 'Victoria and Abdul: The True Story of the Queen's Closest Confidante' නම් කෘතිය චිත්‍රපටයක් බවට පත්කිරීමට එංගලන්ත චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ෆ්‍රියර්ස් මේ වනවිට කටයුතු සැලසුම් කර තිබේ. මේ අනුව මෙම ඉංග්‍රීසි නවකතාව ඇසුරින් නිර්මාණය වන එහි සිනමා පිටපතේ වික්ටෝරියා රැජිනගේ චරිතය සඳහා ඔස්කාර් සම්මානලාභී නිළි ජූඩි ඩෙන්ච් තෝරාගෙන ඇති බැව් හොලිවුඩය වාර්තා කරයි.

එකල යටත් විජිතවාදී සමයේ වික්ටෝරියා රැජින සහ විසි හතර හැවිරිදි ඉන්දියානු තරුණයකු වන අබ්දුල් කරීම් අතර පැවැති අසම්මත සබඳතාවයක් පාදක කර ගත් මෙම චිත්‍රපටය, එකල මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් නිර්මාණය කළ සිද්ධියක් බවට පත් වී තිබිණ. විශේෂයෙන්ම ඇගේ උර්දු -ඉංග්‍රීසි පරිවර්තකයා ලෙස කටයුතු කිරීමත්, ඇගේ ඉංග්‍රීසි ගුරුවරිය ලෙස ඔහු කටයුතු කිරීමත් ආදී වශයෙන් රාජකීය බවට පත් කරීම්ගේ චරිතයද අපූරුවට නවකතාවට පාදක කරගෙන ඇති මෙම චිත්‍රපටය හොලිවුඩයේ ආන්දෝලනාත්මක නිර්මාණයක් වනු ඇති බවට චිත්‍රපට විචාරකයෝ මත පළ කරති.

2016-06-24-ent-113