වෑන් රිය මතට ටිපර් රථය පෙරැළේ


කොළඹ මහනුවර ප්‍ර‍ධාන මාර්ගයේ නෙළුම්දෙණියේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් අනතුරට ලක්වී එකම පවුලේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔවුහු කළුතර පදිංචි කරුවෝය. අනතුරින් වෑන් රථය පාරෙන් ඉවතට විසිවී පල්ලමට පෙරළුණු බවත් වැලි පැටවූ ටිපර් රථයත් වෑන් රිය මතට ම පෙරළුණු බවත් ගැමියෝ කියති. වෑන් රියේ ගමන්ගත් හත්දෙනා බරපතල තුවාල සහිතව කෑගල්ල රෝහලට ගෙන යනු ලැබීය. රෝහල් ආරංචි පවසන්නේ ඉන් හතර දෙනකු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි.