අවමගුල් උත්සවයකට සහභාගීවීමට මත්තේගොඩ සිට අනුරාධපුරයට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් එහි ගමන්ගත් දෙදෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වෑන් රියේ 17 දෙනකු ගමන් කරමින් සිට ඇති අතර තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර හා කුරුණෑගල රෝහල්වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි.





