
(අමදෝරැ අමරජීව)
ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ කනත්ත හන්දියේදි සිදුවු වෑන් රථ යතුරු පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දැරියක් අද (26) අළුයම මිය ගිය අතර එම යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක් හා තවත් දැරියක් තුවාල ලැබු බව වරාය පොලිසිය කියයි.
අනතුරට පත් වෑන් රථය පැදවු රියදුරා හදිසියේ අසනිපවි අසාධ්‍ය තත්ත්වයේ සිටි සිය මව රැගෙන රෝහල කර එද්දි මෙම අනතුර සිදුවි ඇති අතර අසාධ්‍යව සිටි මව රෝහල් ගත කරද්දී මියගොස් ඇතැයි පොලිසිය කීහ.
වෑන් රථ යතුරු පැදි අනතුරෙන් මෙලෙස මිය ගියේ ත්‍රිකුණාමලය ඩොක්යාර්ඩ් පාරේ පදිංචි ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේ 05 වසරේ ඉගෙනුම ලැබු එඩ්වික් ෂෙරලින් ටේසි (09) නැමැති දැරියයි.
එම ලිපිනයේම පදිංචි ලින්ඩා ලීනා (34) නැමැති කාන්තාව හා ජූඩ් කවිසාලිනි (08) නැමැති දැරිය මෙලෙස තුවාල ලබා ඇති අතර තුවාල ලැබු දැරියගේ තත්ත්වය බරපතල බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
තුවාල ලැබු කාන්තාව සිය බාල සහෝදරියගේ හා බාල සහෝදරයාගේ දියණියන් දෙදෙනා උපකාරක පංති අවසන් කර යතුරු පැදියෙන් නිවස බලා රැගෙන යද්දී මෙම අනතුරට ලක්වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒ.ජේ.එස්.රණවිර මහතාගේ මෙහෙයවිමෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ



