වැළලී සිටි බබා නොමැරේ


උගන්ඩාවේ 22 හැවිරිදි මවක දරුවකු බිහි කළාය. මේ අම්මා එම දරුවා ගෝනියක දමා භූගත කණුවකට දැමුවාය. පස් දමා වැසුවාය. අසල්වැසියෝ පොලිසියට දැන්වූහ. පොලිසිය පස් ඉවත් කැර කාණුව හාරා ගෝනිය ගොඩ ගත්තේය. ළමයා හුස්ම හෙළුවේය. වහාම ළමයා සෝදා රෝහලට රැගෙන යනු ලැබීය. ළමයා සුවසේ සිටිතියි රෝහල කියයි.