වැසිකිළියෙනුත් කෝටි 4ක් ගහන්න හදලා


අම්පාරේ දැයට කිරුළ කොන්ත්‍රාත් දිමේදී රුපියල් තුන්කෝටි අනු ලක්ෂයක් වංචා කර ඇතැයි සන්නිවේදන හා තොරතුරු  අමාත්‍යාංශ ලේකමි එචි එම් ගුණසේකර මහතා කළ පැමිණිල්ලක් අනුව  දැයට කිරැළෙහි  ප්‍රධාන විධායක නිලධාරිනිය  වු   කාන්ති ගුණවර්ධනට  රටින් බැහැරවීම තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද නියෝග කළේය.

ලේකම්  රහස් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වනුයේ අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන තාවකාලික වැසිකළි දෙසිය තිහක්, කියවීම් ශාලාවක් හා කැන්ටිමක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රදානය කිරීමෙන් දණ්ඩ නීතී සංග්‍රහයේ 389 හා 400 වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවයි.