චීනයේ සිට නීති විරෝධී ලෙස ගෙන්වූ බව කියන රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා චීන සපත්තු කුට්ටම් 3816 ක් රේගු නිවාරණ අංශය අද (1) පස්වරුවේ අත් අඩංගුවට ගත්තේය.
වැසිකිළි උපාංග හා ස්පීකර්ස් යනුවෙන් රේගුවට ප්‍රකාශ කොට කැලණිය ව්‍යාපාරිකකු මෙම සපත්තු තොගය මෙරට ගෙන්වා ඇතැයි රේගු නිවාරණ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කියයි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි




