වැසි පමා වෙයි : රජරට ගොවියා කබලෙන් ලිපට


මහ කන්නයේ වගා කටයුතු නිසි ලෙස ආරම්භ කිරිමට නොහැකිව රජරට  ගොවීහු දෙගඩියාවෙන් පසුවෙති.

මාස් මෝසම් වැසි නොලැබීමෙන් මහ වැව්වලට තවමත් ජලය එක්රැස් නොකිරිමටත් වගා කටයුතු වලට ජලය මුදා හැරීම වාරිමාර්ග අංශ කටයුතු නොකිරිමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.

අනුරාධපුර වැඩබලන දිසාපති ඩී.පී.ජි. කුමාරසිරි මහතා අද (22) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙසේ  පැවසීය.

ජල හිඟය නිසා  මහ කන්නයේ වගා කටයුතු ප්‍රමාද කරන ලෙස දිසා කෘෂිකර්ම කමිටුව මහවැලි අධිකාරියට,වාරිමාර්ග දෙපාර්තමේන්තුවට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට  දැනුම් දුන්නේය.