වියළි කාලගුණික තත්වය නිමාකර වැසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බළන්ගොඩ කල්තොට අමුණේ දී වැසිපිරිත් දේශනනයක් පැවැත්විණි.
කල්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානය හා ප්‍රදේශයේ ගොවි සංවිධාන එකමුතුවෙන් සංවිධානය කළ පිරිත් පිංකම බුදුගල රජමහා විහාරාධිපති මද්දේගම චන්දාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකැරිණි.




