වැසි ඇති වුවත් අදත් රස්නයත් එසේමයි


බස්නාහිර පළාත සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තද සුළං හමන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවදානය’ ‍ යොමු කළ යුතු යුුතු මට්ටමක පවති.

මේ නිසා නිතර ජලය පාවිච්චිය, හැකී සෑම අවස්තාවකම සෙවන ඇති තැන්වල රැඳීම, වාහනවල දරුවන් දමා නොයෑම ඇතුළු ආරක්ෂක ක්‍රම උපයෝගී කරන්නැයි ද කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.