වැස්සේ වැඩිම අරියාදුව ගම්පහට


දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන වාර්ෂාව නිසා වැඩිම අවතැන් වූවන් පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ සරත් ලාල් කුමාර මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 81ක සාමාජිකයන් 331ක් අවතැන් කඳවුරුවල සිටින බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, වත්තල සහ කටාන ප්‍රදේශවල මාර්ග කිහිපයක් සහ පහත් බිම් ජලයෙන් යටවී ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පීඩාවට පත්වූවන්ට සහන සැපයීමට සහ ඔවුන් පිළිබඳ විත්තර රැස් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි.

දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි නිල නොවන අයුරින් දැන ගත් බවත්, තවම තොරතුරු එක්රැස් කරගෙන යන නිසා නිෂ්චිතව පැවසිය නොහැකි බවත් ඔහු පැවසීය.