දින කිහිපයක මහ වැසි සමග රජරට හා වයඹ වැව් අමුණු කිහිපයක් පිරී ගංවතුරු බියක් හටගෙන ඇත.
අන්දර වැව,මීඔය හා නරිඔය පිටාර ගැලීමෙන් අඩු ගණනේ පවුල් 110 ක්වත් අවතැන්වන්නට ඇතියි කියති.
ගිය වසරේද වාන් දැමු ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම අඩි 199 ක් දක්වා ඉහළ ගියේය.ජල මට්ටම තවත් අඩියකින් හෝ වැඩිවුවහොත් ඉගිනිමිටිය ජලාශය වාන් දමයි.දැදුරුඔය ජලමට්ටම අඩි 204 කි. එහි වාන් මට්ටම අඩි 220 කි.

