(නිමල් ජයරත්න )
පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වර්ෂාවට අරලගංවිල 503 කලාපය ඇතුළු යාය 06, යාය 05, යන ප්‍රදේශවල නෙළීමට ආසන්නයේ තිබු කුඹුරු අක්කර දෙදහකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී විනාශ වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව මහවැලි බි කලාපයේ 503 ප්‍රදේශයේ ගොවීහු සඳහන් කරති.
තව සතියකින් නෙලීමට ආසන්නයේ පැවැති කුඹුරු මෙලෙස ජලයෙන් යට වී තිබෙන අතර, පසුගිය දෙසැම්බර් මාසයේ ගංවතුරට යට වීමෙන් පසු, නැවත වරක් දෙවැනි වරට වගා කරන ලද කුඹුරු බිම්ද ජලයෙන් යට වී දැඩි ලෙස හානි සිදු වී ඇති බව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙති.
මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීම හේතුවෙන් තම කුඹුරු බිම් මෙලෙස විනාශ වී තිබෙන අතර මෙවර අක්කර දෙක හමාරකින් වී කිලෝ දෙදහක්වත් ලබාගැනීමට නොහැකි මට්ටමක් පවතින බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන්ට යම් සහනදායී වැඩපිළිවෙළක් සිදුකරන ලෙස මහවැලි බි කලාපයේ පන්සියතුන ප්‍රදේශයේ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.