වැස්ස හෙට සිට වැඩි වේ


දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි විමක් හෙට සිට අපෙක්ෂා කරන බවත් දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේ දි හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකියි.