වැස්ස පුහුණු තරගය ප‍්‍රමාද කරයි


‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද පැවැත්වීමට නියමිත පුහුණු තරගයට (දිවා/රාත‍්‍රි) වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වී තිබේ.

විනිසුරුවෝ ක‍්‍රීඩාංගණය ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට පරීක්‍ෂා කිරීමට නියමිත අතර කාසියේ වාසිය උරගා බැලීම පසුවට කල්දමා තිබේ. 
මෙම තරගය එංගලන්ත වේලාවෙන් පස්වරු 1.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.