වැස්ස දඹුලු සැත්කම් නවත්වයි


වැසි ජලය කාන්දු වීම නිසා දඹුල්ල වීරසිංහ ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ශල්‍යාගාරය අද සිට වසා දමා ඇත.

වසර තුනකට පෙර ඉදි කළ තෙමහල් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරවීම ඊට හේතුව බවත් දැනගන්නට ඇත.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශාන්ති සමරසිංහ පැවසුවේ තාවකාලිකව සැත්කම් නතර කළ බවයි.

දිනකට සැත්කම් 35ත් 50ත් අතර සංඛ්‍යාවක් එහි සිදු විය.