වැස්ස කෑම පිඟානටත් ගහයි


වැස්ස නිසා එළවළු මිල වැඩි නිසා තෙල්දෙනිය දිගන   කඩ කිහිපයක ආහාර මිල ද ඉහළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

එළවළු මිල ගණන් වැඩි නිසා කෑම මිල ඉහළ දමන බව ඇතැම් කඩවල දැන්වීම් ද ප්‍රදර්ශනය කර ඇත.

එක් කඩයක   දැන්වීම් අනුව එළවළු කෑම පාර්සලයක මිල රුපියල් 120කි. බිත්තර කෑම පාර්සලයක මිල රුපියල් 150ක් ලෙස ද, මාළු කෑම පාර්සලයක මිල රුපියල් 170ක් ලෙස ද, කුකුළු මස් කෑම පාර්සලයක මිල රුපියල් 180කි.

DSCN0685