(ඩයනා උදයංගනී)
මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය 12 වැනිදායින් පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින නමුත් එහි බලපෑමෙන් තවත් දෙදිනක් පමණ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
සෙසු ප‍්‍රදේශවල ද සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප‍්‍රකාශකයා පැවසීය.
දිනය පුරා වැසි ඇතිවන තත්ත්වය ක‍්‍රමයෙන් පහව ගියත් මේ වන විට අන්තර් මෝසම සක‍්‍රීය වී ඇති බැවින් සවස් කාලයේ වැසි බලාපොරොත්තු විය හැකි බව ද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 50 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවල මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බැවින්ධීවර සහ නාවුක ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.