කතරගම සෙල්ල කතරගම ප‍්‍රධාන මාර්ගයේ මහාසෙන් වට රවුම අසළ දෙටගමුව වැවේ වාන් ජලය බැස යන ස්ථානය කැඩී යෑම නිසා ග‍්‍රාම සේවා වසම් හතරක ජනයාට පානිය ජලය පසුගිය ඉරිදා දින සිට නොලැබේ.
දෙටගමුව වැවේ ජලය බැස යන මාර්ගයට අසලින්ම කතරගම ජල නළ පද්ධතිය ද සවි කැර ඇත.
මෙම මාර්ගය කැඩී යෑමට ප‍්‍රධාන හේතුව වන්නේ වැව් රක්‍ෂිතය අනවසරෙන් අල්ලා ගෙන හෝටල් සහ ගොඩනැගිලි ඉදිකීරිම බවත් වැවේ ජලය බැස යෑමට තිබු ස්ථාන අවහිර විම ඊට හේතුව බවත් කියති.
හෝටල් කීපයක් ජලයෙන් යටවී යෑමත් සමඟ මෙම මාර්ගය කඩා ජලය බැස්සවු බව කියති.
දෙටගමුව වැවේ ජලය බැස යෑමට වර්ග අඩි 600ක් ජල බැස්මක් තිබිය යුතු වුවත් වැවේ සිදුකර ඇති අනවසර ඉදිකිරිම් නිසා එය අඩි 100 තරම් කුඩා වී ඇති බවත් කියති.

![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/416.jpg)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/811.jpg)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1114.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1312.jpg)
![a7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/a71.jpg)
![a3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/a31.jpg)
