වැව් මාළු විකුණන බව අගවමින් ගෝන මස් විකුණමින් සිටි මාළු වෙළෙන්දකු කන්තලේ ජයන්තිපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැබෑ ගෝන මස් විකුණන බව පෙන්වීම සදහා ගෝනකුගේ වල්ගයක් ද ඔහුගේ මාළු පෙට්ටියේ විය.
ගෝන මස් ලෙස බොහෝ විට මී හරක් මස් විකුණන නිසා ගෝන වලිගයක් ගෙනෙන්නට ඇතැයි පොලීසිය කියයි.
වැව් මාළු කිලෝව රුපියල් 240කි. ගෝන මස් කිලෝව රුපියල් 600කි.