
(නයනජීව බන්ඩාර)
දොඹගහවෙල, පහතඅරාව ප්‍රදේශයේ වැවක දිය නෑමට පැමිණි පිරිසකට, දෙබරු පහරදීමෙන් කාන්තාවන් 07 කු හා එක් පිරිමි අයකු තුවාල ලබා මොණරාගල මහ රෝහල වෙත ඇතුලත්කර ඇතැයි දොඹගහවෙළ පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, කල්මුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
මෙම පිරිස සංචාරයක ගොස් දිය නෑම සදහා පහතඅරාව වැවට පැමිණ ඇති අතර, වැවේ දිය නාන ස්ථානයට ආසන්නයේ ඇති ගසක බැඳ තිබු, දෙබර කුඩුවක සිටි දෙබරුන් ඇවිස්සීමෙන් මෙම පහරදීමෙන් සිදුව තිබෙි.
එහිදි ගම්වැසියන් තුවාල ලැබුවන්, මොණරාගල මහ රෝහල වෙත යොමුකිරිමට කටයුතු කර ඇත.

