වැලිවේරියේ සිසුවාගේ මරණයෙන් දේශපාලන වාසි එපා


‘මේ අභාවයට පත් වුණු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා.  ඒක මේ දරුවට කරන ලොකුම ලොකු අපහාසයක්. ලොකුම ලොකු නිග‍්‍රහයක්.  නැතිවුණු දරුවාගේ කරපිටින් දේශපාලන ලකුනු දමා ගන්න, මනාප වැඩි කරගන්න ඡුන්ද ලබා ගන්න, සුපුරුදු පරිදි මේ රටේ කුජීත වු දේශපාලනයක් අනුගමනය කරන්න එපා  කියන එක මම ඔය හැම දේශපාලඤයින්ගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

වැලිවේරිය අවට ගම්වල ජනතාව පීමට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේදී  ඇති වූ ගැටුමෙන් වොඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අකිල දිනේෂ් සිසුවාගේ දේහයට  එක්සත් ජාතික් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස  අවසන් ගෞරව දැක්වීම සදහා එම නිවසට ගිය අවස්ථාවේ ඔහු එසේ පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ රෝහලටද ගොස් තුවාල ලැබූ පාසැල් දරුවන් ඇතුළු තරුණයන්ගේ සුවදුක්ද සොයා  බැලුවේය. ඉන් අනතුරැව සජිත් ප්‍රේමදාස මහතා වැලිවේරිය දේවස්ථානයට  ගොස් ලක්සිරි නෝනිස් පියතුමන් හමු වූ අතර ඉන්පසු ගල්ඔළුව විහාරස්ථානයට ගොස්   මාරාන්තික උපවාසය කළ තෙරි පැහැ සිරිධම්ම හිමියන් ද හමුවූවේය.

අකිල දිනේෂ්   සහෝදරයාගේ වියෝවය පිළිබඳව අපි දැඩි ලෙස කම්පා වෙනවා. පළමුවෙන්ම  වියෝවයට පත් වුනු ඒ තරුණයාගේ පවුලේ සියළු දෙනාටම  මගේත් පේ‍්‍රමදාස පවුලේත්,  ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත්, ලංකාවාසී ජනතාවගේත් බලවත් කනගාටුව සාතිසය  සංවේගය මේ අවස්ථාවේ මම පුදකරනවා. මම  හිතන්නේ අද වෙනකොට තවත් කුරිරු මිලේච්ඡ  ඝාතනයක් අපේ රටේ සිදුවූ අවස්ථාවක් මේක.  

රටට ආදරය කරන අප සියළු දෙනා වග බලා ගන්නට  ඕන කාරනයක් තමයි මේ වගේ ඝාතන වලින් මොනම පුද්ගලයෙක්වත් මොනම පක්ෂයක්වත් දේශපාලන වාසි ලබා නොගැනීම. 

මේක දේහපාලන පක්ෂයක් නෙමෙයි මේක මිනී මැරුම් ප‍්‍රශ්ණයක්, . ඝාතන ප‍්‍රශ්ණයක්. විශේෂයෙන්ම අප  හිතන්නට  ඕනා මේ  අහිංසක දරුවා ජීවිතක්ෂයට පත් වුනේ ඝාතනයට ලක්වුනේ ඇයි කියන එක. 

මේ ප‍්‍රදේශයේ ජනතාවටත්  රටේ ජීවත් වන  ඕනෑම පුද්ගලයෙකුගේ  ඕනෑ එපාකම් වගේම පිරිසිදු පානීය ජලය ලබා ගැනීම, පිරිසිදු  ජලය ස්නානය කිරීම සඳහා  ජලය ලබාගැනීමට කරපු අරගලයක  ප්‍රථිඵලයක්  හැටියට තමයි මේ මිනිස් ඝාතනය සිද්ධ වුනේ. අපි අහන්නට  ඕනේ ශ‍්‍රී ලංකාවේ ජනතාවට පිරිසිදු ජලය පානය කිරිමේ අයිතිවාසිකමක් නැද්ද කියන එක.

 පිරිසිදු ජලය පානය කිරීමේ අයිතිය තියෙන්නේ ජනතාවගේ කරපිටින් බලය ලබා ගන්නා දේශපාලඥයින්ට පමනද. පවිත‍්‍ර ජලය අපිරිසිදු කරන ස්ථානයකට ගිහිල්ලා අරගලයක් කිරීම මේ රටේ ජනතාවට අහිමි වූ අයිතියක්.

 අද  අපි අහන්නට  ඕනේ එදා වසර 4 කට පෙර මේ රටේ කොටි ත‍්‍රස්තවාදය ඉවරකලාම ටී-56 දේශපාලනයට නැවතීමේ ලකුන තිබ්බා නම් ඇයි අද  කොටි ත‍්‍රස්ථවාදයක් නැතිව අද ටී56 දේශපාලනය රජ වෙන දවසක් වී තිබෙන්නේ කියන එක. 

මේ වගේ ප‍්‍රශ්න රැසක් තියෙනවා ලංකාවාසී ජනතාව අහන්නට  ඕන, දැනගන්නට  ඕන. ඒවට රටේ දේශපාලඥයින් පිළිතුරු සපයන්න  ඕනා. 
පක්ෂ, ජාති, ආගම් කුල මල පන්ති භේදයකින් තොරව මේ සිදුවුනු වරද අපි නිවරද කරන්නට  ඕනා.
 විශේෂයෙන්ම වර්තමාන රජය මේ සිදුවුන සිදුවීමට සම්පුර්ණ වගකීම දරන්න  ඕනා. 

අපිරිසිදු ජලය ලබා දෙනවයි කියන එක ජනතාව පුන පුනා කියද්දිත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ  රාජ්‍ය පාක්ෂික මහජන  නියෝජිතයින් නිහඩව සිටියේ ඇයි කියන එක මහත් කුතුහලයක්. 

පිරිසිදු පානීය ජලය ලබා දීම රටේ ජනතාව ජීවත් කරවීමේ කාර්‍යභාරයේ ප‍්‍රධාන අංගයක්. පිරිසිදු ජලය පානය කිරීමෙන් තමයි ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය සුරැකෙන්නේ.

මේ මූලික මානුසීය අයිතිවාසිකම අහිමු වුනු මොහොතකදී ජනතාව බලාපොරොත්තු වෙන්නේ  බෝම්බ, උන්ඩ වෙඩි පහරවල් නෙමෙයි ජනතාව බලාපොරොත්තු  වෙන්නේ පිරිසිදු ජල මුළාශ‍්‍රයකින් පවිත‍්‍ර වූ ජලයයි.

 
මෙන්න මේ කරුණ රටේ පාලකයින්  අවබෝද කර නොගැනීම බරපතල අවසනාවන්ත කරුණක්.  මේ කරුණු කාරනා ගැන කියද්දිත් පුන පුනාම මම නැවතත් කියන්නේ කරුණාකරලා මේ අභාවයට පත් වුනු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා.  ඒක මේ දරුවට කරන ලොකුම ලොකු අපහාසයක්. ලොකුම ලොකු නිග‍්‍රහයක්.

 නැතිවුනු දරුවාගේ කරපිටින් දේශපාලන ලකුනු දමා ගන්න, මනාප වැඩි කරගන්න ඡුන්ද ලබා ගන්න, සුපුරුදු පරිදි මේ රටේ කුජීත වු දේශපාලනයක් අනුගමනය කරන්න එපයි කියන එක මම ඔය හැම දේශපාලඤයින්ගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි.

එය එසේ ප‍්‍රකාශ කරන අතරම ජනතාවගේ කතිරයෙන්, ජනතාවගේ කරපිටින්, ජනතාවගේ ඡුන්ද බලයෙන් පත්වෙන මහජන නියෝජිතයින් ජනතාව රැක බලාගන්නට  ඕනා නැවතත් රටේ මේ වගේ තත්වයක් උද්ගත වීම වැලැක්වීමට පැහැදිලි ක‍්‍රියා මාර්ගයක් අපි දියත් කරන්න  ඕනා.

 පාරවල් කොන්ක‍්‍රීටි කරන යුගයක, ගුවන් පාලම් ඉදිවෙන යුගයක ජාත්‍යන්තර වරායවල්, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වල් ඉදිවෙන යුගයක මේ ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීමට දේශපාලඥයින් කටයුතු කළ යුතුයි.