වැලිවේරියේ තුවක්කු රස පරික්ෂකට


යුද හමුදාව වැලිවේරීයේදී පසු ගිය බ්‍රහස්පතින්දා (01) පාවිච්චි කළැයි කියන ටී 56 තුවක්කු 90 ක් රජයේ රස පරික්ෂක වෙත යැවීම සදහා කොළඹ අපරාධ  විමර්ශන කොට්ඨාසය භාරගෙන ඇත.

 මේ ගැන විමසුවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා පැවසුයේ එදා වැලිවේරියේ අවි දැරු සියලු දෙනාගේ අවි  රස පරික්ෂක වෙත යොමු කරන බවයි.

 වැලිවේරියේ බීමට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන් හා හමුදාව අතර ගැටුමෙන් තිදෙනෙක් මරුමුවට පත් වුහ.තිස් හත් දෙනෙක් තුවාල ලැබුහ.