වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා ගැමියන් සහ යුධ හමුදාව අතර සිදුවූ ගැටුමෙන් තවත් පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය අද උදේ තහවුරු කළේය.
ගැටුමේදී වෙඩි වැදී තුවාල ලැබූ මෙම සිසුවා වතුපිටවල රෝහලෙන් කොළඹ මහ රෝහල වෙත වෙත මාරු කෙරිණි.
කොළඹ ජාතික රෝහලේ අධයක්ෂක වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ඊයේ පැවසුවේ බරපතල තුවාල ලැබූ තරුණයන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකවේ ප්‍රථිකාර ලබන බවයි.
තම ළිං වල ජලයේ පී.එච් අගය අඩු වී ඇතැයි කියමින් උද්ඝෝෂණය කළ ගැමියන් සහ යුධ හමුදාව අතර පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගැටුම ඇති විය.