වැලිවේරිය රතුපස්වල ගැමියන්ගේ පානීය ජල ප්‍රශ්නය විසදීමට රජය පියවර ගෙන ඇතැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා නැගු ප්‍රශ්නවලට උත්තර දෙමින් ඔහු එසේ පැවසීය.
විපක්ෂයේද සහයෙන් රජය ඒ ජල ප්‍රශ්නයට විසදුම් දෙන බව කි ඇමැතිවරයා ඉන් දේශපාලන වාසි නොගන්නැයිද ඉල්ලා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත්ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය සමග රජය දැනටම සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇමැති කීවේය.
වැලිවේරියේ සිද්ධිය ගැන අපක්ෂපාති පරික්ෂණයකත් පවත්වන බවද ඇමැති සදහන් කළේය.