වැලිවේරිය සාක්කිකරුවෝ හැරී යති


පසුගිය අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේ පැවති උද්ඝෝෂණයේදී යුද හමුදාවේ ක්‍රියා කලාපය ගැන මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන හමුදා පරීක්ෂණයේ සාක්කි ලබා දීම සඳහා වැලිවේරිය පොලිසියට අද පැමිණෙන ලෙස ගම්වාසීනට දන්වා තිබුණත් අද දහවල් 12  වන විටත් යුද හමුදාව නොපැමිණි නිසා   සාක්කි දීමට පැමිණ සිටි කිහිප දෙනෙක් පැය ගණනක් එහි සිට ආපසු හැරී ගියහ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පැමිණ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය.