වැලිවේරිය තුවාලකරුවන්ට උදව්වක්?


වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් පැවැති උද්ඝෝෂණයේ දී යුද හමුදාව හා ගම්වාසීන් අතර අගෝස්තු පළමු වැනි දා ඇති වූ ගැටුමෙන් වෙඩි වැදී තුවාල ලැබූවන්ගේ පවුල්වලට ආධාර කිරීමට යතියි ගම්වැසියෝ කියති.

වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පැමිණ තුවාලවූවන් සමග සාකච්ඡා කර වෛද්‍ය සහතික පිටපත් ලබා ගෙන ගොස් ඇත.

වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් රණසෝම මහතා පැවසුවේ තුවාල වූවන් වෙනුවෙන් යමක් කළ හැකිදැයි සලකා බලන බවයි. තම ආයතනය ගම්වාසීන් සමග සුහද ශීලීව කටයුතු කරන බවත්, පවුල් තුන්දහසකට ජලය ලැබා ගැනීමේ මූලික ගෙවීම්වලට දායක වීමට තීරණය කළේ ඒ නිසා බවත් රණසෝම මහතා පැවසීය.