වැලිවේරිය හා බැලුම්මහර ගැටුම්වලදී තුවාල ලැබූ ගම් වැසියන්ගේ සංඛ්‍යාව අද රාත්‍රී අට වන විට 24 දක්වා ඉහළ ගියේය.
ඉන් බොහෝ දෙනකු පැවසුවේ වැලිවේරියේදී වෙඩි වැදුණු බවයි. වෙඩි වැදුණු ආකාරය කීමට ඔවුහු නොදනිති.
ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් ධර්මරත්න මහතා පැවුසවේ එක් රෝගියකුගේ තත්ත්වය බරපතල බවයි.
තුවාලකරුවකු මියගියායැයි පැතිර ගිය ආරංචිය ගැන විමසූ විට ඔහු එසේ පැවසීය.
ආරක්ෂක හමුදා රබර් උණ්ඩ හා කඳුළු ගෑස් භාවිත කළ බව දැනගන්නට ඇත.
මේ අතර වැලිවේරිය පොලිසිය අසළ සිටින තුවාල කරුවන් පිරිසක් රාගම රෝහලට රැගෙන යෑමට ගිලන් රියක් යැවූ නමුත් වැලිවේරිය කනත්ත අසළ සිටි පිරිසක් ආපසු හරවා යැවූ බව ද, පාරේ මහා ගිනි ගොඩක් ගසා ඇතැයි ද දැනගන්නට ඇත.
තුවාලකරුවන් අතර හමුදා සාමාජිකයන් සිටින බව ද දැනගන්නට ඇත.
වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි මහතාගේ හිසට ගල් පහරක් ද, කකුළට බෝතල් පහරක් ද වැදී තුවාල වී ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය අසළ තුවාල කරුවන් කොපමණ සිටීදැයි දැනගත නොහැකි විය.

