වැලිවේරියේ දී සාමාන්‍ය වැසියන් පන් දහසක් පමණ ජලය ඉල්ලා කළ විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝ පට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට දෙන්නැයි ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා රූපවාහිනී නාලිකා හයකට අද සවස නියෝග කෙළේය.
සිරස, දෙරණ, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, හිරු නාලිකාව හා ස්වර්ණ වාහිනිය එම අයතන සයයි
කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව එම නියෝගය කළේය.