සන්ධානයේ යටතේ පවත්නා වැලිමඩ ප්‍රාදේශීය සභා පාලනය ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අත්හිටුවනු ලැබූ අතර එහි කටයුතු පරීක්ෂා කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුනිල් ගාමිණී ෆ්‍රැන්සිස් පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී.
පසුගිය දෙවසරේම ප්‍රාදේශීය සභාවේ අකාර්යක්ෂ පාලනය නිසා ගැටුම් ඇතිවිය. සභා වාර්තා ද සම්මත නොවීය.
මේ අනුව ප්‍රාදේශීය සභාපති ආර් එම් අබේවර්ධන මහතා ඉවත් කර එහි කටයුතු ඌව පළාත් පාලන කොමසාරිස් නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතාට පවරා ඇත.

