වැලිමඩ නගරයේ සුරාසලක ආරවුලකින් පසුව අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පසුගිය 31 වැනිදා ණයට අරක්කු බීමට එහි ගිය බව කියන 29 හැවිරිදි පුද්ගලයකු පහර කෑමට ලක්ව රෝහල්ගත කර සිටියදී අද මිය ගිය බවත් මරණකරුගේ නෑයන් වැලිමඩ බණ්ඩාරවෙල පාරේ ඩයරබාවත්ත සමීපයේ එම සුරාසලට පහරදී ඇතැයිද ඉන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බවද පොලිසිය පවසයි.
ඡායාරූප - කේ.ආර්.රාජමන්ත්‍රී
ඡායාරූප - ආර්.කෝගුලන්











