වැලිමඩ - නුවරඑළිය පාර යළි අරී


(ප්‍රසාද් රුක්මල් )

නායයාමට ලක්ව අවහිර වී තිබූ වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද (5) පස්වරුවේ සිට  විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

ඉකුත් දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයත්ව සමග මෙම මාර්ගයෙ රේන්දපොල සිල්ම්යාපුර ප්‍රදේශයේ සිදුවු නායයාම නිසාවෙන් මෙසේ මාර්ගය අවහිර වී තිබිණි.

කෙසේ වෙතත් මාර්ගය විවෘත කළ ද, දැනට පවතින වර්ෂාවත් සමග මාර්ගයයේ රථ වාහන පදවන රියදුරන්ට ඉතා කල්පනාකාරිව ආරක්ෂිත අවධානයෙන් රියපදවන ලෙසට පොලිසිය දැනුම් දෙයි .