වැලිපැන්න පිවිසුම ගංවතුරෙන් යට වෙයි


අද අලුයම සිට ඇද හැළෙන මහා වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයෙ වැලිපැන්න පිවිසුම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇතැයි පොලිසිය කියයි. දැනට වැලිපැන්න පිවිසුම වසා ඇති  අතර ඒ වෙනුවට  කුරුඳු ගහ හැතැප්ම හෝ දොඩංගොඩ පිවිසුම පාවිච්චි කරන මෙන් රියැදුරන්ට දැනුම් දෙයි.