වැලිගම සභාපති සමාව ගනී
විදුලි සෝපානය අක්‍රිය වී යැයි මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මියට අඩන්තේට්ටම් කොට බිය ගැන්වූ බව කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ඉදිරියේ දී සිංහල ක්‍රමයට ආචාර කොට ඒ මහත්මියගෙන් සමාව ගත්තේය. අසනීප වූ පුතා 2010.12.15 වැනිදා රෝහලට ගෙන ආ අවස්ථාවේදී අධ්‍යක්ෂවරිය මේ සිද්ධියට මුහුණ පෑවාය. නඩුව සමථයකට පත් කැර ගැනීමට ද ඇය කැමැති වූවාය.

