වැලිගම දෙදරු මවක පොල්ලකින් ගසා මරා දැමීමට සතියකට පෙර පොලිසියට පැමිණිල්ලක් කළත් ක්‍රියාමාර්ගයක් නොගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිසියකට කරන පැමිණිල්ලක් ගැන විසි හතර පැයක් ඇතුළත විමර්ශන පවත්වන්නැයි පොලිස්පති උපදෙස් දී ඇති බවත්, එය නොතකා මෙම පැමිණිල්ල විභාග නොකළ බවට ඔප්පු වුවහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

