වැලිකන්දේ වැලි ජාවාරම්කාරයෝ පරිසරය වනසති


පරිසර සංරක්ෂණ තීන්දුවලට අභියෝග වන පරිදි වැලිකන්දේ වැලි ජාවාරම්කරුවන් මාදුරුඔය වනසන බව පරිසරවේදීහු කියති.

මාධ්‍යවේදීන්ට ද තර්ජන එල්ල කරමින් වැලිකන්ද වඩමුණ පාලම ප්‍රදේශයේ හා මාදුරුඔය ගංඉවුරු ආශ්‍රිත කුඹුක් ගස් වනසා වැලිගොඩ දමමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.

වැලි සමාගමට මුවාවී මෙහි නිලධාරීන් මාදුරුඔයේ වැලි ගොඩ දමා ඔවුන්ගේ ටිපර් රථ හරහා කොළඹට අධික මිලකට වැලි සපයන ජාවාරමක් ද ක්‍රියාත්මක බව අවට රාජ්‍ය ආයතවල නිලධාරීහු කියති. කුඹුක් ගස් කැපීමෙන් ඉවුරු ඛාදනය වන බවත් සිංහල - දෙමළ ගම්මාන යා කරන වැලිකන්ද වඩමුණේ පාලම ද ගිලා බැසීමට පටන්ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

වැලිගොඩදමන්නන් පවසනුයේ සමාගමේ නිලධාරීන්ගේ උපදෙස් අනුව තමන් වැලි ගොඩ දමන බවත් පරිසර හානියට වගකිව යුත්තේ සමාගම් හිමිකරුවන් බවත්ය. මෙයට සම්බන්ධ සමාගමක නිලධාරියකු කියා සිටියේ මෙම විනාශය සිදුවූයේ මීට පෙර වැලිගොඩ දැමූ ජාවාරම්කරුවන් අතින් බවත් හැකිනම් වැලිගොඩ දැමීම නතර කර පරිසර විනාශය වළක්වා ගන්නා ලෙසත්ය.

20170205_143145 20170205_155828 20170205_161325 20170205_165945