වැලිකන්දේ ගරාජයකින් උණ්ඩ 40ක් සොයාගනී


(නිමල් ජයරත්න )

 වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගරාජයක කාමරයක සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ හතළිහක් අද(09 ) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
 
හදිසි දුරකථන ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙම ගරාජය පරීක්ෂා කර තිබෙන අතර එහිදී මිලිමීටර් 9 වර්ගයේ  උණ්ඩ 40 ක් සොයාගැනීමට හැකි වූ බව වැලිකන්ද ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ  මහතා අප කළ විමසීමකදී පැවසීය.

මෙම ගරාජයේ හිමිකරු වසර පහකට පෙර ගරාජය වෙනත් පුද්ගලයකුට විකුණා ප්‍රදේශයෙන් ගොස් ඇති බවත්, ඒ අනුව දැනට මෙම ගරාජය භාරගත් අයවලුන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරමින් පවතින බවද කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

මෙම ගරාජයේ කාමරය පරීක්ෂා කිරීමේදී සුදු පැහැති ප්ලාස්ටික් කූඩයක තිබි එම මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 40 තිබී හමු වූ බවද පොලිසිය කියයි.