
(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද (14) දිනය වන විට 121 ක් බව සෞඛ්‍ය අංශ කියයි.
එම සංඛ්‍යාව වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි හැකි උපරිම ධාරිතාවය බවද වෛද්‍යවරු සඳහන් කළහ.
වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඇතුළු සියළුම සෞඛ්‍ය සේවාවන් සිදුකරනු ලබන්නේ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල මගිනි.
එසේ වුවද උපරිම ධාරිතාව තෙක් රෝගීන් පැමිණීම තුලින් එම සේවාවන් සැපයීමේ ගැටළු මතුවන බව වෛද්‍යවරු පවසති.
වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වැඩි පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලෙන් හමුවූ කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමීපතමයෝ වෙති.
ඔවුන්ගෙන්ද වැඩි දෙනා කාන්තාවන් බව කියති. ඒ අතර අවුරුදු 5,7,8,9,11,12 යන වයස් කාණ්ඩවල පසුවන දරුවන්ද සිටින බව පැවැසේ. ඉතිරි පිරිස විදේශගතව සිට මෙරටට පැමිණි කොරෝනා ආසාදිතයින් බවද සඳහන්ය.
මේ රෝගීන් කිසිවෙකුත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නොවන අතර පිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කලේය.

