වැලිකතරේ සිට මව්බිමට තවත් 21 ක්


සෞදි අරාබියේ රැකියාවලට ගොස්  එහි රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  21 දෙනකු  මේ සතියේදී  ශ්‍රී ලංකාවට එවීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  පවසයි.

ඔවුහු සෞදියේ දමාම් කඳවුරේ රඳවා සිටියහ.

පසුගිය සතියේද සෞදියේ කඳවුරුවල රැදි සිටි අට දෙනකු ලංකාවට එවා  ඇතැයි  තානාපති කාර්යාලය කියයි.

රියාද් ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයේ  සිරිපාල ගමිමන්පිල මහතා කීවේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  බලධාරීන්ගේ නිගමනයට  අනුව සෑම සතියකටම  එක් නිළධරයකු  සෞදියේ කඳවුරු නීරීක්ෂණය කොට ඒවායේ සිටිනා ශ්‍රී ලාංකිකයන් ඉතා ඉක්මනින් ලංකාවට යවන බවයි.

දැනට දමාම්  ආගමන විගමන කඳවුරු වල ශ්‍රී ලාංකිකයන්  83 දෙනකු  රඳවා සිටින බවත්  ඉන් 23 දෙනකු  ශ්‍රී ලංකාවට එවීම සදහා සියලු කටයුතු සිදුකර ඇති බවත්  මෙම සියලු දෙනා සදහා සෞදි අරාබි රජය  ගුවන් ටිකට්පත්  ලබා දී ඇති අතර ඉතිරි දින  23 ඇතුලත ඔවුන් ලංකාවට යැවීමට හැකි බව  එම නිලධාරියා පැවැසිය.

මෙම කඳවුරු තුළ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්  බොහෝ දෙනකු මාස 2 ක සිට 6 දක්වා එහි  සිටින බව කියති.