වැලිකඩ පොලිස් වසමේ බණ්ඩාරනායකපුර, ඔබේසේකරපුර, අරුණෝදය මාවත, මාළිගාව පාර, මාදින්නාගොඩ යන ප්‍රදේශවල අද (15) සිදු කළ විශේෂ අපරාධ දුෂණ වැටලීමකදී 36 දෙනෙකු වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.
වැලිකඩ පොලිසිය හා විශේෂ රාජකාරී නිලධාරින් ඇතුළු කණ්ඩායම් හතරක් මෙම මෙහෙයුම දියත් කර තිබේ.
හෙරෝයින්, ගංජා ළඟ තබා ගත් සැකකරුවන්, වරෙන්තුකරුවන්, සැකපිට සිටි පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

