වැලිකඩත් වෙඩි : ගැබිනි මවක් රෝහලේ


වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (05) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ගර්භනී කාන්තාවක් (23) රෝහල් ගත කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින තම අක්කාගේ ස්වාමියා බැලීමට අක්කා සමග පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මැදි වූ  ගැබිනි මව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාර 4ක් එල්ල වීඇති අතර වැරදීමකින් එය ගැබිණිමවට වැදී ඇතැයි පොලිසිය කියයි.