වැලිකඩට ආ අමුත්තිය


මරණ දඬුවම හිමිව ඇති හිටපු ප්‍රසිද්ධ පුද්ගලයකු බැලීමට මහේස්ත්‍රාත්වරියක ගිය පුවතක් වැලිකඩ පැත්තෙන් ඇසෙනවාලු. ඇය මොහු බැලීමට ගිය දවසට පසුවදාම ඔහුට රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමටත් ඉඩ ලැබුණාලු.

බන්ධනාගාර රෝහලේ සිටි මොහු බැලීමට මහේස්ත්‍රාත්වරිය ගියේ මොන ඇයි හොඳැයියකටදැයි දැන් දැන් කවුරුත් කථා වෙනවාලු.

මරණ දඬුවම නියමවී මොහු බන්ධනාගාරයට ගෙන ආ දිනද ඇය එහි ගිය බවට වාර්තා තිබෙනවාලු.