වැලිකඩ මංසන්ධියේ ගොඩනැගිල්ල ගැන විමර්ශන අරඹන්නයි අල්ලස් කොමිසමට කියයි


කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර නගර සභාව සතු මහජන මුදල් අයථා ලෙස යොදා ගනිමින් රාජගිරිය වැලිකඩ මංසන්ධියේ ඉදිකෙරෙන ජනජය සිටි නමැති ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට දෙවසරකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ල කඩිනමින් විභාග කරන්නැයි දූෂණයට එරෙහි ජනතා බලය අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලා සිටියේය. 
එලෙස මහජන මුදල් අයථා ලෙස යොදා ගැනීම හා මහජන මුදල් නාස්තිය සම්බන්ධයෙන් හිටපු නගාරාධිපති ජනක රණවක ,එම නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු  පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව  නිසි විමර්ශනයක් කර දඩුවම් පමුණුවන්නැයි තමන් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලා සිටින බව දූෂණයට එරෙහි ජනතා බලවේගයේ කැඳවුම්කරු චන්දිම නයනජිත් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.