වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරන්න යයි


(ජයන්ත සමරකෝන්)

කොරෝනා වසංගතයේ හදිසි අවස්ථා මතුවුවහොත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ සමඟම අගුණකොළපැලැස්ස බන්ධනාගාර රෝහල හා දුම්බර බන්ධනාගාර රෝහල ද ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

සියලු ම නව රැඳවියන් බන්ධනාගාර වෙත යැවීමට පෙර පීසීආර් පරීක්ෂණවලට භාජනය කළ යුතු බවට රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දී තිබේ.